Monday, July 13, 2015

ඔරු - මහගම සේකර

ඉවර වෙච්ච කොපි පොතකින්
එක කොළයක් ඉරලා
දෙකට තුනට නවාලා
වැහි වතුරට
අගුව දිගට
ගලන ගඟට දමනවා

ඔරුව ගඟේ පාවෙලා
ටිකක් දුරට ගිහිල්ලා
වැහි වතුරට යට වෙලා
අන්තිමේදි ගිලෙනවා

ගිලෙන ගිලෙන ඔරු ගනනට
තව තව් ඔරු හදනවා
හදන හදන ඔරු එක එක
ගලන ගඟට දමනවා
දමන දමන ඔරු එක එක
අගුව දිගට පා වෙලා
ටිකක් දුරට ගිහිල්ලා
වැහි වතුරට යට වෙලා
අන්තිමේදි ගිලෙනවා

                                    - මහගම සේකර -